Kitchen
පෑන් කේක්
පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් පැණි මිලී 50
සීනි ටිකක
ලුණු අවශ්‍ය පමණ
පොල් අවශ්‍ය පමණ
කුඩුකරගත් රටකජු
වැනිලා ස්වල්පයක්
පැණිපොල් සාදන ආකාරය
පැණි, සීනි, ලුණු මිශ්‍රකර ලිපතබා රත්වනවිට පොල් එකතු කර හොදින් කලවම් කරන්න. පැණිපොල් පදම එනවිටදී වැනිලා දමා කලවම් කර කුඩුකරගත් රටකජු එක්කරන්න.
පෑන් කේක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
උළුදු පිටි ග්රෑ 125
හාල්පිටි ග්රෑ 30
ලුණු ස්වල්පයක්
බිත්තරයක්
කහ කුඩු අවශ්‍ය පමණට
සීනි තේ හැදි 1 ක් පමණ
නිවාගත් වතුර හෝ පොල්කිරි ස්වල්පයක්
උණුකර නිවාගත් බටර් තේහැදි 1
ඉහත ආකාරයට සකස්කරගත් පොල්පැණි
පෑන් කේක් සාදන ආකාරය
උදුපිටි හා හාල්පිටි කලවම්කර පසෙකින් තබන්න. බිත්තර සහ ලුණු ස්වල්පයක් බදුනකට දමා හොදට ගසාගන්න. නැවත ඊට සීනි හා උණුකර නිවාගත් බටර් දමා හොදින් ගසාගන්න. මෙම මිශ්‍රණයට උදු පිටි හා හාල්පිටි මිශ්‍රණය ටික ටික එකතු කරන්න. පසුව එය හොදින් ගසාගෙන මිනිත්තු 15ක් වසා තබන්න. දැන් පිටි මිශ්‍රණය ගෙන තැටියක යන්තමින් බටර් හෝ තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රොටියක් ආකාරයට තුනීකර පුළුස්සා ගන්න. පසුව බදුනෙන් ඉවත්කර රස්නය තිබියදීම පැණි පොල් මිශ්‍රණය තබා රෝල්කර කෑමට ගන්න.
curtesy :
thinetha.com